රුපියල තවත් බාල්දු වෙයි / මුල්වරට 202 පසු කරයි

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 202.04ක් ලෙස සටහන් වුණා.
එහි ගැනුම් මිල රුපියල් 197.62 ක් ලෙසින් වාර්තා වනවා.
මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු 200 සීමාව ඉක්මවා ගොස් තිබුණා.

පුවත යවන්න