රුපියල යළිත් ඉහළ යයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද ඉහළ ගොස් තිබෙනවා.

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 332.81 සිට රුපියල් 320.27 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 356 සිට රුපියල් 343 දක්වා අඩු වී තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය සඳුදා පැවති රු 331.48 සිට රුපියල් 314 දක්වාත් විකුණුම් මිල රු 350.00 සිට රුපියල් 336 දක්වාත් පහත වැටී තිබෙනවා.

මේ අතර සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු 315 ක් සහ විකුණුම් මිල රුපියල් 330 දක්වා අඩු වී තිබෙනවා.

පුවත යවන්න