රුසියාවේ මිසයිල 5ක් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් අනතුරක – Video

රුසියානු හමුදාවේ ගුවන් ආරක්ෂණ පද්ධතියට අයත් එස් -400 ට්‍රයම්ෆ් මිසයිල 5ක් රැගෙන ගමන් කළ හමුදා ට්‍රක් රථයක් අනතුරකට පත්ව තිබෙනවා.
ඒ එන් අයි පුවත් සේවය වාර්තා කළේ මොස්කව් නගරයෙන් පිටත මොහයිස්කෝයි අධිවේගී මාර්ගයේ දී මිසයිල සහිත රථය අනතුරට පත්වූ බවයි.
කමාස් ට්‍රක් රථයක්, මෝටර් රථ දෙකක්, හමුදාව සතු රථයක් හා එස් -400 ට්‍රයම්ෆ් මිසයිලය දියත් කරන වාහනයක් මෙසේ එකිනෙක ගැටී අනතුරට පත්ව තිබුණා.
කෙසේ වෙතත් මෙහිදී අවදානම් තත්ත්වයක් මතු නොවූ බවයි රුසියානු මාධ්‍ය පවසන්නේ.
සිද්ධියෙන් පසු වීඩියෝ දර්ශන කිහිපයක් ද මාධ්‍ය වෙත නිකුත්ව තිබුණා.

 

පුවත යවන්න