රුසියාවේ ස්පුට්නික් වී එන්නත ඇණවුම් කරනවා / රාජ්‍ය ඇමතිනිය කියයි

රුසියාවේ ස්පුට්නික් එන්නත මෙරට තුල කොරෝනා මර්ධනය වෙනුවෙන් ඇනවුම් කිරීමට ද කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලද එන්නත වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට ලබා දීමට ද පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.
මේ අතර කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මස 15 වැනිදායින් පසු ජනතාවට ලබා දීමට නියමිත බවද අමාත්‍යවරිය පැවසුවා.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, මෙරට ජනතාව වෙත ලබාදෙන කොරෝනා එන්නතේ කාර්යාක්ෂමතාව පිළිබඳව මේ වනවිට පර්යේෂණ ආරම්භ කර ඇති බවයි.

පුවත යවන්න