රුසියාව න්‍යෂ්ටික යුධ අභ්‍යාසයක් අරඹයි

රුසියානු හමුදා විසින් යාර්ස් වර්ගයේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් නවතම යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.
රුසියාවේ හෙළි නොකළ ස්ථාන 3කදී මෙම යුධ අභ්‍යාසය ක්‍රියාත්මක බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.
න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීම , ප්‍රතිප්‍රහාර හා හදිසි අවස්ථා තුල න්‍යෂ්ටික අවි ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.
මේ සඳහා හමුදා භටයන් 3,000 ක් මිසයිල 300ක් යොදවා පවතින බව සදහන්.
රුසියාවේ ප්‍රධානතම න්‍යෂ්ටික ප්‍රහාරක අවිය ලෙස යාර්ස් මිසයිලය භාවිත කිරීමට නියමිත අතර කිලෝමීටර 12,000 ක දුරක් දක්වා එකවර ප්‍රහාර 15ක් සිදුකිරීමට මෙමගින් හැකියාව පවතින බවයි නිවේදනය කළේ.

පුවත යවන්න