රුසියාව යුක්රේනය ආක්‍රමණය කළොත් ,නේටෝ මැදිහත් නොවන බව දන්වයි

රුසියාව, යුක්රේනය වෙත පහර දුනහොත් ඒ සඳහා හමුදා මැදිහත්වීමක් සිදු නොකරන බව බ්‍රිතාන්‍ය දැනුම් දී තිබෙනවා.
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් සදහන් කළේ, මේ සඳහා නේටෝ සංවිධානයේ රටවල් මැදිහත්වීමේ සූදානමක් නොපවතින බවයි.
යුක්රේනය නේටෝ රාජ්‍යයක් නොවීම මත මෙම තීරණයේ රැදී සිටින බව ද අවධාරණය කෙරුණා.
කෙසේ වෙතත් මෙවන් අවදානමකදී රුසියාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පැනවීමට නියමිත බවයි , බෙන් වොලස් සදහන් කළේ.
ලබන ජනවාරි මාසය තුල යුක්රේන ආක්‍රමණයක් දියත්වීමේ අවදානමක් පවතින බව නේටෝ බුද්ධි අංශ විසින් අනාවරණ කර තිබෙනවා.
කෙසේ වෙතත් නේටෝ හමුදා පොරොන්දු කඩ කිරීම මත යුක්රේනය හුදෙකලාවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

පුවත යවන්න