රුසියාව සහ යුක්රේනය සාම සාකච්ජාවට එකඟයි – දකුණු අප්‍රිකාව කියයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා අප්‍රිකානු නායකයන්ගේ මූලිකත්වයෙන් සාම සාකච්ජා පැවැත්වීමට රුසියාව සහ යුක්රේනය එකඟ වී ඇති බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා පවසයි.

අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී රමෆෝසා හෙළි කළේ තමා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සමඟ මෙම යෝජනාව පිළිබද සාකච්ජා සිදුකළ බවයි.

රොයිටර් පුවත් සේවය විසින් උපුටා දක්වන ලද පරිදි, “නායකයන් දෙදෙනා සමඟ මගේ සාකච්ඡාවලින් පෙන්නුම් කළේ ඔවුන් දෙදෙනාම අප්‍රිකානු නායකයින් පිළිගැනීමට සහ මෙම ගැටුම අවසන් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බවයි,” “එය සාර්ථක වේද නැද්ද යන්න තීරණය වන්නේ පැවැත්වෙන සාකච්ඡා මතයි” සිරිල් රමෆෝසා 

මෙම සතිය මුලදී, රමෆෝසා සඳහන් කළේ දකුණු අප්‍රිකාව සීතල යුද්ධය සමයේ ඇති කර ගත් නොබැඳි සම්ප්‍රදායේ අඛණ්ඩව රැදී සිටින බවයි.

“මුළු කාලය පුරාම, අපි මේ කාරණය සම්බන්ධයෙන් ස්ථිරව සිටිමු: දකුණු අප්‍රිකාව ගෝලීය බලවතුන් අතර තරඟයකට ඇදගෙන ගොස් නැත, ඉදිරියටද එය සිදු නොවනු ඇත.- සිරිල් රමෆෝසා 

පුවත යවන්න