රුසියාව හා ඉන්දියාව අවි නිෂ්පාදන එකඟතාවයක

උපාය මාර්ගික සබඳතා තර කර ගැනීම සඳහා , ඉන්දියාව හා රුසියාව සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව ඉන්දීය විදේශ අමාත්‍ය , එස් ජයිශංකර් හා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝවි මෙම සාකච්ජාවට එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.
මෙහිදී රුසියානු අවි සදහා ඉන්දීය සම්පත් දායකත්වය පිළිබද වැඩි අවදානයක් යොමුව තිබෙනවා.
ඉන්දියාවට හොඳම අවි ලබාදෙන උපාය මාර්ගික සහකරුවා ලෙස මෙම එකඟතාවයට එක්වන බවයි රුසියාව පවසන්නේ.
මේ යටතේ ආසියානු කලාපය තුල ඒකාබද්ධ අවි නිර්මාණය පිළිබද අවධානය යොමු කිරීමට නියමිතයි.

පුවත යවන්න