මෙරට තුල කොරෝනා ආසාදිතව රෝහල් ගත කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 10 කින් පමණ වැඩිවී ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.
මීට සමගාමීව රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාවද සියයට 8 කින් පමණ ගතවූ දින කිහිපය තුල ඉහළ ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය යටතේ ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් වඩා ප්‍රවේශමෙන් කටයුතු කිරීම වැදගත් බවයි වෛද්‍ය අන්වර් හම්දානි මහතා අවධාරණය කළේ.
ඔමික්‍රොන් අවදානම උත්සන්නවීම සමග මෙසේ ආසාදිතයන් හා රෝහල්ගත කිරීම් සංඛ්‍යාව ඉහළ යන බවයි අනාවරණ කර ඇත්තේ.