මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11,595 ක් දක්වා පහළ ගොස් තිබේ.
ප්‍රතිකාර සඳහා වෙන්කර තිබූ ඇඳන් සංඛ්‍යාව 38,495 කි.
නිරෝධායන ඇඳිරි නීති කාලය අවසන් වෙත්ම ආසාදිතයින් වර්තාවීම දහසට අඩු මට්මක් දක්වා පහත ගොස් ඇති අතර ඊයේ වාර්තාවූ ආසදිතයින් ගණන 912 කි.
වාර්තාවූ මරණ සංඛ්‍යාව 59 කි.
මියගිය පිරිසෙන් 47 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.
වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම දත්ත විශ්ලේෂණයට අනුව රෝහල්ගත කිරීමට පෙර සහ නිවෙස් තුළ මියගිය ප්‍රමාණය 21.8 %ක් දක්වා පසුගිය සතිය තුළ ඉහළ ගොස් තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුව ඇති සමස්ත මරණ 2,421 න් 664 ක් රෝහල්ගත කිරීමට ප්‍රථම සිදුව තිබීම විශේෂත්වයකි.
මේ අතර එන්නත් ආවරණය ඉහළයාමත් සමග පසුගිය සතිය තුළ එන්නත් නොලබා මිය ගිය ප්‍රමාණය 43.4 %ක් දක්වා පහත ගොස් තිබේ.
ඒ අනුව එන්තකරණය කරන ලද පුද්ගලයින් මියයාම 56.6 %ක් වනර අතර ඉන් 31.3% ක් ලබා සිටියේ එක් මාත්‍රාවක් පමණි.
සමස්ත මරණ ප්‍රමාණයෙන් 73.2 %ක් වාර්තාවෙන්නේ කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින් ලෙසයි.
වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්තවලට අනුව වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් මියයාමේද සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබේ.
සති දෙකකට පෙර 80 %ඉක්මවා තිබූ එම මරණ ප්‍රමාණය පසුගිය සතියේ වාර්තාවෙන්නේ 75.7% ක් ලෙසයි.
කෙසේවෙතත් සිදුවූ සමස්ත මරණවලින් 77.1 %ක් වයස අවුරදු 60 ඉක්මවූවන්