රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක් / කොරෝනා රෝගී ධාරිතාවය ඉක්මවලා

කොරෝනා අවදානම සලකා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ රටේ පවතින තත්ත්වය සහ රෝහල තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත්කළ බවයි.
මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහල තුල කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරීම සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තාවීම මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමට හේතු වී තිබෙනවා.
රෝහල් කාර්යමණ්ඩලයට වෛරසය ආසාදනයවීමේ වර්ධනයක් ඇතිවී තිබෙන බවත් කොවිඩ් ඒකකව, ධාරිතාවය ඉක්මවා යෑමට පටන් ගෙන ඇති බවත් එම තීරණය ගැනීමට හේතු වූ බව සඳහන් කළා.
ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක ද කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන වාට්ටුවල මේ වනවිට එම ධාරිතාවයන් ඉක්මවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල මහතා සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහලේ දැනට 600ක් පමණ ප්‍රතිකාර ගන්නවා. වාට්ටු පිරී ඉතිරී යන තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපිට දර්ශන ලබාදීමට හැකියාවක් නෑ. බිමටත් රෝගීන් දාන්න වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ.

පුවත යවන්න