ලංකාවට ණය දීම ගැන IMF තීරණය අද

ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මූලික එකඟතාවකට පැමිණ ඇති බවයි ඊයේ දිනයේ වාර්තා කළේ.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ඊයේ (31) රාත්‍රියේ පවත්වා තිබුණා.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති එකඟතා පිළිබඳව අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය 24 වන දින දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඊයේ දින‍යේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් එම සාකච්ඡා තවත් එක් දිනකින් දීර්ඝ කිරීමට පියවර ගත් බව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළා.

ලංකාව මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් අපේක්ෂා කරන අතර එය බොහෝ දුරට ඉටු වීමේ හැකියාවක් පවතින බවයි නවතම වාර්තා ප්‍රකාශ කළේ.

පුවත යවන්න