ලංකාවට ණය සහන දීමේ යෝජනාවකට G7 සංවිධානයේ සහාය – රොයිටර්

ආර්ථික බලවතුන් හතේ (G7) කණ්ඩායම ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයන්ට සහාය දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
ජර්මනියේ පැවති ජී – 7 රැස්වීමකින් පසු නිකුත් කළ කෙටුම්පතක් මගින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව මුල්වරට ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීමෙන් පසුව බවයි රොයිටර් පුවත් සේවය සදහන් කළේ.

ලංකාවේ අර්බුධය සඳහා දිගුකාලීන විසඳුම් සෙවීමට කැපවී සිටින අතර විභව ණය වැඩසටහනක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඵලදායි ලෙස සාකච්ඡා කරන ලෙස ද මෙරටට දන්වා තිබුණා.

සංසන්දනාත්මක කොන්දේසි මත ණය සහන ලබා දෙන ලෙස ලංකාවේ විශාල ණය හිමියන්ටද මෙහිදී දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
කැනඩාව, ප්‍රංශය,ජර්මනිය, ඉතාලිය,ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ජී 7 සංවිධානයට ඇතුලත්.

පුවත යවන්න