ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෙරළ ආරක්ෂක යාත්‍රාව රැගෙන ඒමට ගිය කාර්ය මණ්ඩලයේ නවදෙනකු ඇමරිකාවේදී පලාගොස් ඇතැයි අනාවරණ කර තිබෙනවා.
නැව ලංකාවට ගෙන ඒම සඳහා සිය දෙනකුට අධික පිරිසක් ඇමරිකාවට ගොස් ඇත. එම නැව මෙම මස අග හෝ ලබන මාසයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව නාවික හමුදාව සදහන් කළා.