එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්ට ශ්‍රී ලංකාවේ තත්ත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කළ හැකි අතරම, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ලැබූ නිලධාරීන්ට එරෙහිව ඉලක්කගත සම්බාධක පැනවිය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් පවසනවා.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම ලෙස නම් කරමින් ඊයේ නිකුත්වූ වාර්තාවෙන් මේ බව පෙන්වා දී තිබෙනවා.
පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ දී මෙම වාර්තාව සාකච්ජාවට ලක් කිරීමට නියමිතයි.
මෙම මූලික වාර්තාව නිකුත් කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ චෝදනා ලැබූ සියලුම පාර්ශවයන්ට බාහිර අධිකරණ හෝ ජාත්‍යන්තර අධිකරණ බලය පිළිබඳ පිළිගත් මූලධර්ම අනුව පියවර ගත හැකි බවයි.
වාර්තාවේ නිගමන මගින් මහ කොමසාරිස්වරයා පවසන්නේ අපරාධ වගවීම ඉදිරියට ගෙනයාමට සහ ශ්‍රී ලංකාවේ වින්දිතයින් සඳහා සහන සැලසීමට සාමාජික රටවලට විකල්ප ගණනාවක් පවතින බවයි.
එම බලපෑම් කණ්ඩායමට එක්වන ලෙස ඇය සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබුණා.
බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු හෝ වගකිව යුතු යැයි විශ්වාස කළ හැකි රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් පාර්ශවයන්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක මෙමගින් යෝජනා කර තිබුණා.