මෙරටින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් 12%ත් 24%ත් අතර ප්‍රතිශතයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, කෙසේ වෙතත් එම අගය වැඩිවීමට ඉඩක් පවතින බවයි.
ඒ අනුව දෛනිකව වාර්තාවන ආසාදිතයන් 600ක් ඉක්මවන සංඛ්‍යාවෙන් සියයකට අධික පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවට සලකනු ලබනවා.
පාසල් දරුවන් එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු සදහන් කළා.