ගතවූ දිනයේ දී තවත් කොරෝනා මරණ 161 ක් වාර්තා වී තිබෙනවා.
එම මරණ අතර කාන්තාවන් 78 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 83 දෙනෙකුද වනවා.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 122 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ සදහන්.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 6,000 ක් ඉක්මවා ගියා.
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 6,095 ක් ලෙසයි.