ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සුනාමියක් වගේ /විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

මේ වනවිට රට තුළ පවතින්නේ කොරෝනා රැල්ලේ සුනාමියක් වැනි තත්ත්වයක් බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අද ප්‍රකාශ කළා.
කොරෝනා ආසාදිතයන් බව නොදන්නා බොහෝ දෙනකු වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන බවද ඔහු සදහන් කළා.

“කොළඹ ජාතික රෝහලේ දැන් කොවිඩ් රෝගීන් වැඩිවෙලා තියෙනවා. මේ වනවිට රෝහල්ගතවී සිටින කොවිඩ් රෝගීන් රෝහල්ගත වෙලා ඉන්නේ කොවිඩ් නිසාම නෙමෙයි. ඒ අයට කොවිඩ් තියෙනවා.. නමුත් වෙන වෙන රෝග තත්ත්වයන් නිසාත් ඔවුන් රෝහල්ගත වෙලා තියෙනවා.”

“මෙයින් වැඩිදෙනෙක් එන්නත් ලබානොගත් අය. එන්නත් ලබාගත් අයගේ තියෙන රෝග ලක්ෂණ ඉතාම අඩුයි.” 

“ඒ රෝගීන්ව රෝහල් තුළ තබාගත යුතු තත්ත්වයක් නැති තරම්.”

“කොවිඩ් රැල්ල ආරම්භ වෙලා දැන් ගොඩක් ඉවරයි. දැන් අපි දකින්නේ ඒ රැල්ලේ ඉහළට නගින සුනාමියක් තමයි. අපි බලාපොරොත්තු වෙනාවා ඒ වේගෙන්ම ඉවරවෙයි කියලා. මට පේන විදිහට නම් සමාජයේ ගොඩක් දුරට කොවිඩ් තියෙන නිසා ජනගත වෙලා කියලා හිතෙනවා. මට පේන්නෙත් එහෙමයි.”

“අපි දැකලා තියෙනවා කොවිඩ් දෙපාරක් හැදෙනවා. තාම මම දැකලා නෑ.. තුන්වෙනි පාර හතරවෙනි පාර හැදෙනවා. හැබැයි ඉදිරියෙදී එහෙම වෙන්න පුළුවන්. ඒක සුලබ දෙයක් නෙමෙයි.”

පුවත යවන්න