ලංකාවේ ගුවන් බලපත්‍රය ලෝකයේ අඩුම පිළිගැනීමක් සහිත පාස්පෝට් අතර

2020 වර්ෂයට අදාළව ලෝකයේ බලවත්ම ගුවන් ගමන් බලපත් ලයිස්තුව නිකුත් කර තිබෙනවා.
පාස්පෝට් ඉන්ඩෙක්ස් දර්ශකය මගින් වාර්ෂිකව මෙම ලයිස්තුව නිකුත් කරනු ලබන්නේ ලෝකයේ වැඩිම පිළිගැනීමක් සහිත ගුවන් ගමන් බලපත්‍ර අගය කරමිනුයි.
මෙහිදී රටක ගුවන් බලපත්‍රයට වෙනස් රටවලින් හිමිවන වීසා නිදහස, ගුවන් තොටුපල වීසා ආදිය සලකා බලනු ලබනවා.
2022 වසරේ ලෝකයේ බලවත්ම ගුවන් ගමන් බලපත්‍රය බවට පත්ව ඇත්තේ , ජපානයේ ගුවන් ගමන් බලපත්‍රයයි.
ජර්මනිය හා දකුණු කොරියාව දෙවන තැන පසුවන අතර , පින්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග් හා ස්පාඤ්ඤය 3 වන තැන පසුවනවා.
4 වන තැන රටවල් 5ක් රැදී සිටින අතර ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ප්‍රංශය නෙදර්ලන්තය හා ස්වීඩනය ඊට ඇතුලත්.
අයර්ලන්තය හා පෘතුගාලය 5වන තැන පසුවනවා.

The best passports to hold in 2022 are:

1. Japan, Singapore (192 destinations)
2. Germany, South Korea (190)
3. Finland, Italy, Luxembourg, Spain (189)
4. Austria, Denmark, France, Netherlands, Sweden (188)
5. Ireland, Portugal (187)
6. Belgium, New Zealand, Norway, Switzerland, United Kingdom, United States (186)
7. Australia, Canada, Czech Republic, Greece, Malta (185)
8. Poland, Hungary (183)
9. Lithuania, Slovakia (182)
10. Estonia, Latvia, Slovenia (181)

මෙම ලයිස්තුවේ අඩුම පිළිගැනීමක් සහිත රට වන්නේ ඇෆ්ගනිස්ථානයයි. ඉරාකය , සිරියාව , පකිස්ථානය,යේමනය, සෝමාලියාව, නේපාලය, පලස්තීනය , උතුරු කොරියාවද එම කාණ්ඩයට ඇතුලත්.
මෙහිදී ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ලෝකයේ අඩුම පිළිගැනීමක් සහිත ගුවන් බලපත් අතර 13 වන තැන පසුවනවා.

අඩුම පිළිගැනීමක් සහිත රාජ්‍යයන් 10න් පසුව පවතින ඉරානය හා බංග්ලාදේශයට සමානවයි ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය නම් කර ඇත්තේ.
මෙරට ගුවන් ගමන් බලපත්‍රයට රටවල් 10කින් වීසා නිදහස හිමිවන අතර ඒ අතරින් දියුණු මට්ටමේ රටක් වන්නේ සිංගප්පූරුව පමණයි. අනෙක් සියළුම රටවල් අප්‍රිකානු මහද්වීපයට සම්බන්ධ රාජ්‍යයන් වනවා.
මෙරට ගුවන් බලපත්‍රය තුලින් රටවල් 33ක ගුවන් තොටුපල වීසා හිමිවන අතර එයින් සියළුම රටවල් නොදියුණු හා අප්‍රිකානු රාජ්‍යයන් ලෙස නම් කර තිබෙනවා.
අන්තර්ජාලය හරහා මෙරට ගුවන් බලපත්‍රයෙන් වීසා ලබාගත හැක්කේ පකිස්ථානයට හා කොන්දේසි සහිතව , අයිවරි කෝස්ට් රාජ්‍යයට පමණයි.
ලෝකයේ අනෙක් රටවල් 153කට ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් බලපත්‍රයට වීසා අනිවාර්ය වනවා.
සමස්ථ ගුවන් බලපත් දර්ශකයේ මෙරටට හිමිව ඇත්තේ 83 වන තැනයි.
දෙද දර්ශකයට අනුව රටක ගුවන් ගමන් බලපත්‍රය නම් කරනු ලබන්නේ එම රටට ජාත්‍යන්තර තුල හිමිවන පිළිගැනීමට සමාන තත්ත්වයක් ලෙසයි.

පසුගිය දශකය පුරාම මෙරට ගුවන් බලපත්‍රය මෙසේ අඩු පිළිගැනීමකට ලක්වූ අතර එය වෙනස් කිරීම සඳහා කිසිදු අවස්ථාවක බලධාරීන් උත්සාහ නොදැරීම කණගාටුවට කරුණක් වනවා.

පුවත යවන්න