ලංකාවේ නම වෙනස් කරන්න ව්‍යවස්ථා කමිටුවට යෝජනාවක්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට භික්ෂූන් වහන්සේලා අද යෝජනා අදහස් ඉදිරිපත් කර තිබෙනවා.
බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව වෙත මෙලෙස භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කර තිබුණා.
ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි අදාළ යෝජනාව භාරදීමෙන් අනතුරුව කියා සිටියේ මෙරට නම වෙනස් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි.

මේ රටේ නම සිංහලේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයි. ඊළඟට මේ රටේ ඓතිහාසික බෙදීම රුහුණු, මායා පිහිටි කියන බෙදීම මුල්කර ගෙන පරිපාලනයේ බෙදීමක් ඇතිකළ යුතුයි. අපේ යෝජනා සඳහා වැඩි අවධානයක් යොමු කරයි කියලා හිතනවා.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී පැවුසවේ මම යෝජනා කළේ ශ්‍රී ලංකා ජනරජය කියන නම. කිසිදු ආකාරයක බලය බෙදීමක් නොවිය යුතුයි.

මේ අතර, පළාත් සභා අහෝසි කර දිස්ත්‍රික් සංවර්ධන සභාවක් බලගැන්වීම ඇතුළු නව ව්‍යස්ථාවට ඇතුළත් වියයුතු තවත් යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන විසින් අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට ඉදිරිපත් කර තිබුණා.

පුවත යවන්න