මෙරට ජනතාවට ලබාදෙනු ලබන්නේ යුරෝපයේ තහනම් කර ඇති ඇස්ට්‍රා සෙනෙකා එන්නත් කාණ්ඩය නොවන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
එබැවින් මෙරට එම එන්නත් භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ.
යුරෝපයේ රටවල් කිහිපයක භාවිතය නවතා ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා එක් එන්නත් කාණ්ඩයක් පමණක් බවත් එම එන්නත් කාණ්ඩය මෙරටට ලැබී නැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.