මෑතකදී මෙරටින් වාර්තා වූ සුළු මට්ටමේ භූ කම්පන බහුතරයකට හේතුවී ඇත්තේ මධ්‍යම කඳුකරයේ ඉදිකර ඇති මහාපරිමාණ ජලාශ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
අතුල සේනාරත්න මහතා සඳහන් කරන්නේ, වික්ටෝරියා සහ රන්දෙණිගල ප්‍රදේශ ආශ්‍රිතව භූ අභ්‍යන්තරයේ පැලුම්තල කිහිපයක් හඳුනාගෙන ඇති බවය.
ලංකාව හරහා ගමන් කරන විශාල පැළුම්තල තියෙනවා. පොළොව එසවීම නිසා ඒ පැළුම්තල හරහා ඇතිවෙනවා සුළු කම්පන. උදාහරණයක් හැටියට ගත්තොත් ලංකාවේ තියෙනවා ප්‍රධාන පැළුම්තල කිහිපයක්. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන. හඳුනාගෙන තියෙනවා වික්ටෝරියා විශාල පැළුම්තලය කියලා එකක්. රන්දෙණිගල හරහා ගමන් කරන විශාල පැළුම්තලයක් තියෙනවා. පොළව එසවෙනවත් එක්කම මේවා චලනය වෙනවා. මේ චලනය වෙනකොට ඇතිවෙන බාධා මගහරවන අවස්ථාවලදී තමයි කුඩා කම්පන ඇතිවෙන්නේ. ජලාශ පිරවෙනකොට ඇතිවෙන විශාල බරත් එක්ක පාෂාණ තට්ටු විශාල තෙරපීමකට ලක්වෙනවා. ඒවා දරාගෙන ඉන්න සීමාවල් ඉක්මවා ගිය අවස්ථාවලදී ප්‍රදේශ හරහා ගමන් කරන පැළුම් ඇතිවෙන්න පුළුවන්. ඒත් සමග කම්පනත් ඇති වෙනවා.”