‘ලක්විජය‘ යළි අක්‍රීයයි

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවත අක්‍රිය වී ඇතැයි බලාගාර ආරංචිමාර්ග අනාවරණ කර තිබෙනවා.

එය එසේ වුවද විදුලිය විසන්ධි කිරීම අවශ්‍ය නොමැති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ සදහන් කළේ.
මෙම යන්ත්‍රය මීට සති කීපයකට අක්‍රීයවීම නිසා අලුත්වැඩියාවෙන් පසුව ඊයේ නැවත ක්‍රියාත්මක කළ ද අද(01) පෙරවරුවේ නැවත කාර්මික දෝෂයකට ලක්ව අක්‍රීය වූ අතර මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට නැවත මෙගාවොට් 270 ක විදුලිය ප්‍රමාණයක් අහිමිවී තිබෙනවා.

පුවත යවන්න