ලක්ෂපති වැඩසටහනේදී කළ ප්‍රකාශයක් ගැන සිසුවියකගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී (VIDEO)

සිරස ලක්ෂපති වැඩසටහනේ දී ලෝක උරුම සිංහරාජ රක්ෂිතය මායිමේ සිදුවන වන විනාශය පිළිබඳ අදහස් පළ කළ සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා යටතේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවයි.

සිංහරාජ වන මායිමේ වන හානි හා ඉතිරිව සිටින අලි දෙදෙනා සම්බන්ධයෙන් මෙම සිසුවිය සමාජයේ අවධානයට ලක්වූ අදහස් දක්වා තිබුණා.

මේ අතර වන විනාශයන් හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු විමර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පුවත යවන්න