ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කරමින් පෞද්ගලික ආයතනයකින් රුපියල් ලක්ෂ 430 ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි
මෙරට ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදනය කරන ආයතනයක ගිණුමෙන් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කරමින් මෙම මුදල් ලබා ගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් 12 වැනිදාය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ සහ මූල්‍ය අපරාධ ඒකකය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබීය
මෙම පුද්ගලයා ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
අදාළ සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් ලක්ෂ 130 ක චෙක්පතක් මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්රකාශවරයාගේ නිවේදනයේ සඳහන් වෙයි