ලබන ඉරිදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවට එන්නත් 264,000 ක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය ලබන ඉරිදා(7) මෙරට ට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
හලාවත රෝහලේදී පැවැති උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියා.
මේ යටතේ ලංකාවට ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව 264,000 ක්.
ඉන් අනතුරුව එම පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 20කට කොරෝනා එන්නත් ලබාදීමට නියමිතයි.
මේ දක්වා ඉන්දියාවෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 500,000ක් ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර තවත් එන්නත් මාත්‍රා 500,000ක් ඉන්දියාවේ සේරම් ආයතනයෙන් පසුගියදා මිලදී ගෙන මෙරටට ගෙන එනු ලැබුවා.

පුවත යවන්න