සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග් අවධාරණය කර තිබෙනවා.
ඇය පෙන්වා දුන්නේ – ප්රජාතන්ත්රවාදී ප්රකාශනය සඳහා එය අත්‍යවශ්‍ය බවයි.
පවතින තත්ත්වය තමා සමීපව නිරීක්ෂණය කරමින් සිටි බව ද ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඉදිරියේදී සෑම පාර්ශවයකින්ම සංයමයක් අපේක්ෂා කරන, අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද, අමෙරිකානු තානාපතිවරිය ප්‍රකාශ කළා.