සුප්‍රකට ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කොටස් හිමිකරුවෙකු වන ,ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ප්‍රකෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය ඔහුගේ ප්‍රකාශයක් සමග දැඩි අප්‍රසාදයට පත්ව තිබෙනවා.
අමෙරිකාව හැර වෙනත් රටක පුද්ගලයන්ගේ මානව හිමිකම් හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් තමන් සැලකිලිමත් නොවන බව ඔහු ‘ඕල් ඉන් පෝඩ්කාස්ට්’ වැඩසටහනකදී ප්‍රකාශ කළ අතර ඔහු එහිදී අවධාරණය කර තිබුණේ , චීනයේ උයිගර් ජන කොටස් වල මානව හිමිකම් පිළිබද කිසිවකු ගණන් නොගන්නා බවයි.
මානව හිමිකම් ප්‍රශ්න හේතුවෙන් සරණාගතයෙකු ලෙස. තමන් ද සිය පවුල සමග උපන් රටින් පලා ගිය බවද ඔහු පවසා තිබෙනවා.
“උයිගුර්වරුන්ට වෙන දේ ගැන කවුරුත් ගණන් ගන්නේ නැහැ, හරිද? ඔබ එය කතා කරන්නේ ඔබ ඇත්තටම සැලකිල්ලක් දක්වන නිසයි, මම හිතන්නේ ඔබ සැලකිලිමත් වීම සතුටක්, ඒත් අනෙක් අය ගණන් ගන්නේ නැහැ,”
“මම ඔයාට කියන්නේ…හරිම අමාරු, කැත ඇත්තක්. මම සැලකිලිමත් වෙන හැම දෙයක් අතරින්ම උයිගර් ප්රශ්නය ඒක මගේ රේඛාවට පහළින් තියෙන්නේ.”
වෙනත් රටක මිනිසුන්ගේ පන්තියක කොටසක් ගැන මම සැලකිලිමත්ද?’ අපිට අපිව බලාගන්න පුළුවන් වෙනකම් නෙවෙයි මම එයාලට අපිට වඩා ප්‍රමුඛත්වය දෙන්නේ.”
අපි අපගේ අමෙරිකානු දේශසීමාවෙන් පිටත … වෙනත් කෙනෙකුගේ මානව හිමිකම් වාර්තා ගැන සිතීම කණගාටුදායකයි…
මෙම ප්‍රකාශය පාර්ශව රැසක විවේචනයට ලක්වූ අතර නිවේදනයක් නිකුත් කරමින් ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් පැවසුවේ කොටස්වලින් සියයට 2ක් පමණක් හිමි පලිහපිටියගේ ප්‍රකාශය සිය නිල මතය නොව බවයි.
2017 සිට චීනයේ ෂින්ජියැන්ග් කලාපයේ සිර කඳවුරුවල මිලියන දෙකක් පමණ උයිගුර්වරුන් සහ අනෙකුත් වාර්ගික සහ ආගමික සුළුතරයන් රඳවා ගැනීම පිළිබද චෝදනා එල්ලවී තිබෙනවා.
මේ අතර අමෙරිකාවෙන් පිටත මිනිසුන්ගේ අයිතීන් පිළිබද යමෙකු සැලකිලිමත් නොවන්නේ නම් එවන් පුද්ගලයන් දුරස් කළ යුතු බවයි විවේචකයන් සදහන් කරන්නේ.
මානව හිමිකම් සංවිධාන හා උයිගර් නිදහස් ව්‍යාපාරයන් ද මේ පිළිබද අප්‍රසාදය පල කර තිබෙනවා.
මේ අතර චීන රජය සදහන් කළේ චීනයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මෙසේ ජාත්‍යන්තර අතපෙවීම් අපේක්ෂා නොකරන බවයි.