ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ අවදානමක්.. – සෞඛ්‍ය අමාත්‍යාංශය

රටවල් කිහිපයක සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , එබැවින් ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

ලැම්ඩා වෛරස් ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් සිටින බැවින් , ආසාදිතයින් හඳුනා ගැනීමට සාම්පල පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

පුවත යවන්න