ලිබියාවේ ටොප්රුක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශාල කොටසක් උද්ඝෝෂකයන් පිරිසකගේ ගිනි තැබීමෙන් හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.
දේශපාලන අස්ථාවරත්වය, ජීවන වියදම, විදුලි කප්පාදුව ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ලිබියාවේ නගර රැසක උද්ඝෝෂණ ව්‍යාපාර පවතිනවා.
උද්ඝෝෂකයන් සදහන් කරන්නේ වහා මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගත යුතු බවයි. උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමට එරට අන්ත්ර්වාර ආණ්ඩුවෙන් ද සහයෝගය ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පහසුකම් සැපයීම යටතේ ජිනීවා නුවරදී විවිධ දේශපාලන කණ්ඩායම් අතර මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව සාර්ථක නොවීමත් සමග උද්ඝෝෂණ ව්‍යාපාර උග්‍ර වුණා.