ලුනාව කලපුවට අපජලය මුදාහැරි කළමනාකරුවකුට ඇප

මොරටුව ලුනාව කලපුවට අපජලය මුදාහැරි බව කියන ආයතනයක කළමනාකාරුවකු රුපියල් 10,000 දඩයකට යටත් කර ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස  මොරටුව අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා අද( 26) නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබූයේ  ආහාර සැකසුම් ආයතන කළමණාකරුවකුටය.

ආහාර සැකසුම් කර්මාන්ත ආයතනයෙන් ලුනාව කලපුවට මුදාහැරෙන අප ජලය හේතුවෙන් ප්‍රදේශය පුරා දුඟඳක් හමන බවත් ජලය කොළ පැහැ ගැන්වී ඇති බවත් එයින් විශාල පරිසර හානියක් සිදුවන බවත් මොරටුව මහ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නදීන් ජයතිලක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර එකී කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් මෙම නියෝග කරනු ලැබීය.

නඩුව මාර්තු මස 16 වැනිදා යළි කැඳවන්නට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පෙර මොරටුව නගර සභාවේ ඉංජිනේරු අංශයෙන් ඇස්තමේන්තු සකස් කර ඒ සඳහා ගෙවීම් සිදුකර සැකසුම් ආයතනයේ අප ජලය මුදා හැරීමෙන් පරිසරයට සිදුවී ඇති හානිය යළි යථා තත්ත්වයට පත් කරන ලෙස ද එහිදී වැඩිදුටත් නියෝග කරනු ලැබීය. – (රේඛා තරංගනී ෆොන්සේකා) – Lankadeepa

පුවත යවන්න