නොකඩවා දින තුනක් ආසාදිතයන් 1000 කට වඩා හමුවුවහොත් අනිවාර්යයෙන් රටම ලොක්ඩවුන් කලයුතු යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකාච්ඡාවකට එක්වෙමින් අදහස් පලකල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ වන විට කොරෝනා වසංගතය බරපතල සමාජ ව්‍යාප්තියක ඇති බවත් මෙය පාලනය කිරිමට ඇති එකම ක්‍රමය ජනතාව නිවෙස්තුලට වී සිටීම පමණක් බවත් සදහන් කළා.
“දැන් ග්‍රාමසේවක වසම් වහල වැඩක් නෑ. වහාම මුලු රටම ලොක්ඩවුන් කල යුතුයි.”
මේ අතර පසුගිය දින දෙකේදීම නිළ සංඛ්‍යාලේඛන වලට අනුව දිනකට හමුවන ආසාදිතයන් ප්‍රමාණය 1000 සිමාව ඉක්මවා ගියා.