ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 40 පසුකරයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 තුළ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ අසූ තුන් දහස් දෙසිය දහසයත් සමගින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දාහත් කෝටි අසූ එක් ලක්ෂ අනූ පන්දහස් නවසිය විසි නවයක් ලෙසයි දැක්වෙන්නේ.

ඉහළම කොවිඩ් ආසාදිත සංඛ්‍යාවක් ඊයේ දිනයේදී වාර්තා වුණේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 74,327 ක්. මාස 4 කට පසු බ්‍රිතාන්‍යයේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව දස දහස ඉක්මවා ගිය බව වාර්තා වුණා. ඒ හේතුවෙන් රට විවෘත කිරීම තවත් සති 4 කින් කල් දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

මේ අතර ඔලිම්පික් තරගාවලියට සති 5 කට පෙර ජපානයේ ටෝකියෝ අගනුවරට පනවා ඇති හදිසි තත්ත්වය ඉවත් කිරීමට ද සැළසුම් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

පුවත යවන්න