ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ගෙවුණු දිනයේදී පමණක් ලොවපුරා කොවිඩ් ආසාදිතයින් තිස්පන් ලක්ෂයකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ.
ඉන් වැඩිම ආසාදිතයින් අමෙරිකාවෙන් වාර්තාවූ අතර එය ලක්ෂ හයේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.
තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන්ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ආසාදිතයින් වාර්තාවූ අතර ප්‍රංශයෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන හාර ලක්ෂ 25 දහසට අධිකය.
එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව යන රටවලින්ද දෛනික ආසාදිතයින් ලක්ෂයේ සීමාව ඉක්මවා වාර්තාවී තිබීම විශේෂත්වයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තාවන්ට අනුව ගෙවුණු සතියේදී පමණක් ලොවපුරා වාර්තාවී ඇති ඔමික්‍රොන් ආසාදිතයින් ගණන මිලියන 18 ඉක්මවා ගොස් තිබේ.