ලෝකයේ පළමු හිම ක්‍රිකට් ශූරතාවලිය ඇරඹෙයි

ලෝකයේ පළමු හිම ක්‍රිකට් තරගාවලිය ජම්මු කාශ්මීරයේ දී ආරම්භ කර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ හිම තුල තැනූ ක්‍රිකට් පිටියක මෙම තරගාවලිය පැවැත්වීම විශේෂත්වයක් බවයි.
එය වින්ටර් ක්‍රිකට් චැම්පියන්ස් යන නමින් නම් කර තිබෙනවා.
කාශ්මීරයේ බොහෝ කලාපවල වසර පුරා හිම තත්ත්වයන් පවතින අතර එම කලාපය ක්‍රිකට් ක්‍රීඩාවට උචිත වන්නේ නැහැ.
කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් මෙය ඵලදායි වනු ඇති බවයි එම වාර්තා පවසන්නේ.

පුවත යවන්න