ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයන් වූහාන් වෙළඳ සංකීරණයට

කොරෝනා වසංගතයේ ආරම්භය සොයන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම චීනයේ වූහාන් නගරයේ පිහිටි මුහුදු ආහාර වෙළඳ සංකීරණය නිරීක්ෂණයට කටයුතු කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය පැවසුවේ එම කණ්ඩායම අද එම ස්ථානය නිරීක්ෂණය කළ බවයි.
කොරෝනා වසංගතය ආරම්භ වූ බවට මුල් වරට සාධක ලැබී තිබුණේ මෙම වෙළඳ සංකීරණය හරහායි.
කෙසේ වෙතත් වසංගතය පැතිරීම සමග එම සංකීරණය වසා දමා තිබුණා.
මේ වන විට ඊට දැඩි ආරක්ෂාවක් සපයා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
චීනයට පැමිණ සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායම ඊයේ දිනයේ දී මුල්වරට එරට ආසාදිතයන්ට ප්‍රතිකාර කළ රෝහල් නිරීක්ෂණය කළා.
එහිදී මුල්වරට වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ පටල සාම්පල පරීක්ෂණ සඳහා ඔවුන් භාරයට ගෙන තිබුණා.

පුවත යවන්න