වටරැක රැඳවියන් ගාලුමුවදොර ප්‍රහාරයට ගෙන ඒම ගැන විමර්ෂණ

ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහභාගි කරවූ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශන, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර නිලධාරීන්ට මේ දක්වා කැඳවීමක් නොමැති බවයි.

ගාලුමුවදොර ප්‍රහාරයට සම්බන්ධ වු කොටසක් පලායමින් සිටියදී ජනතාවට කොටුව තිබූ අතර තමන් වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් බව ඔවුන් පිළිගෙන තිබුණා.

පුවත යවන්න