සිංගප්පූරු සමාගමකට අයත් නෞකාවකින් ගෙන ආ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක නිදහස් කරගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශයෙන් ගෙවීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, අමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ඊයේ (22) රාත්‍රියේ ගෙවු බව එම අමාත්‍යාංශය සදහන් කළා.
එම ඩීසල් තොගය ඉක්මනින් ගොඩබෑමට නියමිත බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු අනාවරණ කළා.