වරායේ අර්බුධය අවසන් / නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම රජය යටතේ

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ව සිටි කොළඹ වරායේ සේවකයන් හෙට සිට එම ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ එම වෘත්තීය සමිති නායකයන් අගමැතිවරයා සමඟ පැවැත්වූ සාකච්ජාවෙන් පසුවයි.
මෙහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් රජයේ පාලනය මත ක්‍රියාත්මක කරන බව අගමැතිවරයා සහතික කළ බවයි වෘත්තීය සමිති නායකයන් පවසන්නේ.ඒ බව තහවුරු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

පුවත යවන්න