වව්නියාවේ අවමඟුලකින් කොරෝනා පොකුරක්

නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ පුද්ගලයන් 28 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

වවුනියාව, ඔලුමඩුව, පට්ටේපිරින්දකුලම ගම්මානයේ නිවසක එම අවමංගල්‍ය උත්සවය පසුගිය 24වනදා පවත්වා ඇති බව සදහන්.

අවමංගල්‍ය උත්සවය පැවති නිවසේ පුද්ගලයින් දෙදෙනෙකුට හදිසියේ ඇතිවූ උණ තත්ත්වයක් මත වවුනියාව පුලියන්කුලම රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී සිදුකෙරුණු PCR පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර පසුව අනාවරණය කරගත් තොරතුරු මත අවමංගල්‍ය උත්සවය සඳහා එක්වී සිටි පුද්ගලයින් 30 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී මෙම ආසාදිතයින් 28 දෙනා හඳුනාගෙන තිබෙනවා.

පුවත යවන්න