අද අපි කතාකරන්න යන්නේ ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් ගැන. එය නමින් වවුල්පනේ භූගත හුණුගල් ගුහාව.
මේ ගුහාවට මේ නම ලැබිලා තියෙන්නේ ඈත අතීතයේ සිට ම මෙය වවුල් පාරාදීසයක්ව පැවති නිසාලූ. දැනටත් මෙම ස්ථානය අපේ රටටම ආවේණික වූ වවුලන් වර්ග 7 ක් ඉන්නවාලු. ලක්ෂ 10ක් විතර වවුලන් මේ ගුහාවේ ඉන්නවා. ඔයාලා දන්නවද මෙම හුණුගල් ගුහාව තනි ගුහාවක් නෙමේ. උප ගුහා 10 කට අධික ප්රමාණයකින් සමන්විත වූ ගුහා පද්ධතියක් කිව්වොත් නිවැරදී හුණුගල් ගුහා තුළ දක්නට ඇත්තේ අමුතුම චමත්කාරයකි.
හැබැයි මේක ඇතුල ඝණ අදුරුයී. ගල් සීලිමෙන් පහළට එල්ලෙන තියුණු තුඩ සහිත වීදුරු බඳු උල් හුණුගල් කුට්ටි මෙහි තියෙනවා.. ගුහාව තුළ වයිවාරන්න හැඩතල ගත් හුණුගලින් සුසැදි රූප දැකගන්න පුලුවන්.
ගුහාව තුළට පිටතින් ඇල්ලක් ගලා බසී ඒ ඇල්ලට වවුල්පනේ ඇල්ල කියලලු කියන්නේ. ඇල්ල නිසා ගුහාව තුළ කුඩා විලක් ද නිර්මාණයවී තිබෙනවා.. අඩි 30ක් විතර මේ ඇල්ල උසයී. මෙම දිය ඇල්ල වසරේ සෑම කාලයකම එක හා සමානව ඇද වැටෙනවා.. දවසින් දවස ලියලා වැඩෙන හුණුගල් වළ ද ඔයාලට මෙහිදි දැකගන්න පුලුවන්.
මේ ගුහාවා මීටර් 52 ක් පමණ දිගයී.. වලපනේ ගම්මානයේ අභිමාන මේ ගුහාව කිව්වොත් නිවැරදී ඒ වගේම මෙම ගුහාව තුළට පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ පසු එම ගුහාව අඩි 40 – 50 ක් පමණ උසට විහිදී යයි.
ඔබ මේ ගුහාව බලන්න යන්න ඉන්නවා නම් ඒ සදහා වෙනම ඇදුමක් හා තොප්පියක් රැගෙන යාමට අමතක නොකරන්න. මොකද ඉතින් වවුලන් ලක්ෂ ගනනක් ඔබගේ හිසට ඉහලින් සිටිනවා.
ගුහාවෙන් පිටත ඉතාමත් පැරණි සත්ව පොසිලය සහ ශාක පොසිල ද දක්නට ලැබේ.. මෙම ප්රදේශය නිරීක්ෂණය කිරීමේදී වසර දහස් ගනනක ඓතිහාසික තොරතුරු හා සාක්ෂි දැක ගත හැකි බව මෙහි යන ඔබට දකින්න පුලුවන්.
පල්ලෙබැද්ද – බුළුතොට මාර්ගයේ කිලෝ මීටර 10 ක් පමණ වාහනයකින් ගමන් කර, එතැන් සිට තවත් කිලෝ මීටරයක පමණ දුරක් තරමක දුෂ්කර පා ගමනකින් ගමන් කිරීමෙන් පසුව තමා මේ ගුහාව වෙත ළඟාවෙන්න පුලුවන්.. ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර පරිස්සමින් ගෙදර යන්න.