වසංගතයේ ආරම්භය ගැන වාර්තාව ප්‍රමාණවත් නෑ / ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක්

කොරෝනා වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් වඩාත් ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.
ඒ යුරෝපීය, අමෙරිකානු , ජපාන හා ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනුයි.
වසංගතයේ ආරම්භය වන සතුන් විය හැකි බවත් විද්‍යාගාරයක් ඊට සම්බන්ධ නොමැති බවත් , ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එම මතය තහවුරු කිරීමට සාධක අවශ්‍ය බවයි මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ.
කිසිදු රටකට චෝදනා නොකර සත්‍ය ලෝකයට හෙලිකර ගැනීම වැදගත් බවද ඔවුන් පෙන්වා දෙනවා.

පුවත යවන්න