කොරෝනා වසංගතයේ මුල් අවධිය තුල එහි තොරතුරු සැගවීමට චීනය තැත් කළ බව එක්සත් ජනපදයේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක මැට් පොටින්ගර් පවසනවා.
සී බී එස් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසන්නේ ,ලෝකයට සඟවා වසංගතය තම රට තුලින් වනසා දැමීමට චීනය තැත් කළ බවයි.
චීන හමුදා පිළිබද තැබූ අධික තක්සේරුව වැරදීයාමෙන් වසංගතය ලෝකයටම ව්‍යාප්තවූ බව ද මැට් පොටින්ගර් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් එය චීනයේ ගෞරවය රැකගැනීමේ අරමුණින් සිදුකළ උත්සාහයක් බවත් ලෝකයම එහි ගොදුරක් බවට පත්ව ඇත.ි බවත් ඔහු අවධාරණය කළා.