වහාම ධූරය අතහැර යන්න / පොහොට්ටු මන්ත්‍රී පිරිසක් ජනාධිපතිට දන්වයි

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් ලිපියක් යවා තිබෙනවා.

අදාළ ලිපිය යොමු කරමින් එම මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයාට කියා සිටින්නේ, 2019 නොවැම්බරයේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා ඔවුන් අවංකව ම කැප වූ බවත්, මේ වන විට අති බහුතරයක් ජනතාවගෙන් ජනාධිපතිවරයා කෙරේ ඇති විශ්වාසය බිඳ වැටී තිබෙන බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන, පැහැදිලි බහුතරයක් දිනාගත හැකි, දූෂණ චෝදනා නොමැති පරිනත මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිවරයාගේ තනතුර බාර දෙන ලෙසත් අදාළ ලිපිය මගින් ඉල්ලා සිටිනවා.

ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, නාලක ගොඩහේවා, චරිත හේරත්, උදයන කිරිඳිගොඩ ඇතුළු මත්‍රීවරු 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයාට අදාළ ලිපිය යොමු කර තිබෙනවා.

(ලිපිය පහතින්)

පුවත යවන්න