වාසනාව ගෙනෙන ට්‍රම්ප් ෆෙංෂුයි ප්‍රතිමාව චීනයේ අලෙවියට

හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවනා කරන ආකාරයෙන් නිර්මාණය කළ ෆෙන්ෂුයි ප්‍රතිමාවක් චීනයේ ගෘහභාණ්ඩ නිෂ්පාදකයෙකු විසින් අලෙවියට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම ප්‍රතිමාව නම් කර ඇත්තේ මේක් යුවර් කම්පැනි ග්‍රේට් එගේන් ප්‍රතිමාව ලෙසයි.
ඒ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූර කාලයේ මේක් අමෙරිකාන ග්‍රේට් එගේන් යන තේමාව මුල් කර ගනිමින් කටයුතු කිරීමට සමානවයි.
නිර්මාණකරු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිමාව කාර්යාල තුල තබා ගැනීමෙන් එම ආයතනය දියුණු වන බවයි.
අඟල් 18 ක් උස බුද්ධ ප්‍රතිමාවක් මිල කර ඇත්තේ ඇමරිකානු ඩොලර් 615 කටයි.
අලිබාබා සමාගමේ අනුබද්ධ ආයතනයක් මෙහි අලෙවිය ආරම්භ කර තිබුණා.

පුවත යවන්න