වැඩි වන ආසාදිතයන් වෙනුවෙන් ඉන්දියාව නව රෝහල් තැනීම අරඹයි

වර්ධනය වන කොරෝනා තත්ත්වය හමුවේ රෝහල් පද්ධති ප්‍රමාණවත් නොවීම මත ඉන්දියාවේ අතිරේක රෝහල් නිර්මාණය අරඹා තිබෙනවා.
ජම්මු කාශ්මීරය තුල ද දැඩි සත්කාර ඒකක පහසුකම් සහිත රෝහලක් මේ යටතේ නිර්මාණය කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
ඇදන් 500කින් සමන්විත මෙම රෝහල කඩිනමින් නිර්මාණය කිරීමට නියමිතයි.
මේ වන විට දෛනික කොරෝනා 4000 ක් ඉක්මවා යාම හමුවේ ආසාදිතයන්ගේ ජීවිත රැකගැනීම සඳහා උපරිම පියවර ගන්නා බවයි ඉන්දීය රජය පවසන්නේ.

පුවත යවන්න