වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගියදා සිදුවූ සිදුවීම් සම්බන්ධව ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත්කරන බව අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා අදහස් පළ කළා.
මෙවැනි සිදුවීම් කිසි දිනක සිදුවිය යුතු දේවල් නෙවෙයි. අධිකරණ අමාත්‍යවරයා ලෙස මම මේ සිදුවීම හෙළා දකිනවා. ඒ වගේම මේ සිදුවීමට මුහුණ දුන් සිරකරුවන්ගෙන් වගේම ඔවුන්ගේ පවුල්වල ඥතීන්ගෙනුත් සමාව ඉල්ලනවා. නමුත් මෙවැනි සිදුවීම්වලට දේශපාලන ජාති හෝ ආගම් සම්බන්ධ කිරීමට උත්සාහ කරන එක මම පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ සිදුවීම් පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙනවා.
බන්ධනාගාරවල රදවා සිටින සැකකරුවන් පිළිබඳව සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන රජයක් විදිහට අපට වගකීමක් තිබෙනවා. දැනටමත් අවශ්‍ය ආරක්ෂාව සලසලා තියෙන්නේ අපි ඒ ගැන මානව හිමිකම් කොමිසමටත් දැන්වුවා.