විදුලිබල මණ්ඩලය හා ඛණිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහකරණය ඉක්මන් කරයි

විදුලිබල මණ්ඩලය හා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.
එහි ඇතැම් ප්‍රතිසංස්කරණ දැනටමත් ආරම්භ කර ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළා.
ට්විටර් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ වඩාත් තරගකාරී සේවාවක් සැපයීමේ අරමුණින් ගෝලීය ඉන්ධන බෙදාහරින්නන් තිදෙනෙකු දේශීය වෙළඳපලට පිවිසෙනු ඇති බවයි.
ජාතික බලශක්ති කමිටු අනුමැතිය ලැබුණු පසු එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහි දැක්වෙනවා.

මේ අතර ඉන්දීය ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අමාත්‍යාංශයේ ලේකම් පන්ඛජ් ජාන් හා ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධානී සින්කට් මාධව් වෛද්‍යා අද මෙරටට ළගාවීමට නියමිත බවද නවතම වාර්තා මගින් අනාවරණ කර තිබෙනවා.

පුවත යවන්න