විදුලිය නැති වුනොත් වතුරත් නෑ

විදුලි සේවකයින් හෙට(03) ක්‍රියාත්මක කිරීමට නියමිත උද්ඝෝෂණයට සමගාමීව විදුලි විසන්දි වීමක් සිදුවුවහොත් ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීම වැළැක්විය නොහැකි බව ජලසම්පාදන මණ්ඩලයේ ඉන්ජිනේරුවෝ අනතුරු අඟවයි.

විදුලිය විසන්ධි වනවාත් සමඟම ජල සැපයුම් පොම්පාගාර අක්‍රියවීම එම තත්ත්වයට හේතුව බවත් විදුලිය විසන්ධි කර නැවත ලබා දුන්න ද අක්‍රිය වූ පොම්පාගාර යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය දොළහකට අධික කාලයක් ගතවන බවත් එම ඉන්ජිනේරුවෝ පෙන්වා දෙති.

ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින් වැඩ වර්ජනයකට යාමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත යවන්න