විදුලි බිල සියයට 75 සිට වැඩි ගණනකින් ඉහළට

හෙට(10) සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රුපියල් 198ක මුදලක් අමතරව මෙම වැඩිකිරීම හරහා විදුලිබිලට එකතුවේ.

එසේම ඒකක 60ක් දක්වා භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා සියයට 200ක පමණ වැඩිවීමක් සිදුවන බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

එම ප්‍රමාණය රුපියල් 600ට වඩා අඩු අගයක් ගන්නා බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකක 90ට වැඩි අයට සියයට 276ක වැඩිවීමක් විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණද අවසර ලබා දී ඇත්තේ සියයට 125ක පමණ සුළු ප්‍රමාණයක් බවද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

පුවත යවන්න